රාජ්‍ය සේවයේ අංශ කිහිපයක් අඟහරුවාදා “ලෙඩ වීමට” සැරසෙති

රාජ්‍ය සේවයේ අංශ කිහිපයක වෘත්තිකයන් ලබන අඟහරුවාදා (9) ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත.ඒ වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, ඊට සමගාමීව ගුරු – විදුහල්පතිවරුන් ද එදින ලෙඩ නිවාඩු වාර්තා කර වර්ජනයක නිරතවන බවකි.ඒ අතර වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 66ක් සපිරේ.

කාලීන පුවත්