රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 04 ක් දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට කඩිනම් පියවර ගන්නා බවකි. ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් එය ක්‍රියාවට නැංවීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.