රැජිනගේ දේහය අසල සිටි ආරක්ෂකයෙක් ඇද වැටෙයි

raji

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයෙකු ක්ලාන්ත වී දේහය තැන්පත් කර ඇති වේදිකාවෙන් ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇද වැටුණු ආරක්ෂකයා වහා එතැනින් ඉවත් කර ප්‍රතිකාර ලබා දීමට බ්‍රිතාන්‍ය පොලිසිය කටයුතු කර ඇතැයි පැවැසෙයි.

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට එළඹෙන 19 වෙනිදා තෙක් පැය 24 පුරා ඉඩ සලසා ඇති අතර ආරක්ෂකයින් පැය 6 බැගින් සේවා මුරවල රාජකාරි කටයුතු සිදු කරනු ලබයි.

කාලීන පුවත්