රියැදුරු බලපත්‍ර ලක්ෂ 04ක් ගොඩගැසෙයි

නිකුත්කර ගැනීමට නොහැකි වූ රියැදුරු බලපත්‍ර ලක්ෂ 04ක් පමණ තවමත් ගොඩගැසී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය කාලසීමාව තුළ රියැදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක් පමණ නිකුත් කර ගැනීමට නොහැකිව තිබූ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පැවසීය.

එය මේ වනවිට ලක්ෂ 04ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

කාලීන පුවත්