රිලවුන් මෙන්ම මොණරුන් ද “අපනයනය” කළ යුතුයි

චීනයේ සත්වෝද්‍යාන වලට බව පවසමින් මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට යැවීමට රජය කටයුතු යොදා ඇති සමයක රිලවුන් මෙන්ම මොනරුන් ද එලෙස අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.ඔහු පවසා සිටිනුයේ රිලවුන්ගෙන් මෙන්ම මොණරුන්ගෙන්ට වගාවලට විශාල හානියක් වන බව ඔහු සඳහන් කරමිනි.නමුදු අතීතයේ නොමැති ලෙසින් මිනිස් ජනාවාස ආශ්‍රිතව රිලා සහ මොණරගහනය වැඩි වීමට හේතුව ඊනියා සංවර්ධනයේ මුවාවෙන් ගත වූ කාලය පුරා මහා පරිමාණයෙන් සිදු වූ පාරිසරික හානි බව පෙන්වා දෙන පරිසරවේදීහු මෙම සත්ව ගහණය පාලනය කිරීම පිණිස නවීන විද්‍යාත්මක උපාය මාර්ග සෙවිය යුතු බව ද පෙන්වා දෙති.

කාලීන පුවත්