අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් ව ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසයි.මහ බැංකු දත්ත අනුව අද(24) ඩොලරයේ ගැණුම් මිල පැවතියේ රුපියල් 297.98 කට වන අතර එහි විකිණුම් මිල රුපියල් 311.23 ක් ලෙස සටහන් ව තිබේ.මෙම තත්වය යටතේ ආනයනික භාණ්ඩ මිල ගණන් යම් ප්රතිශතයකින් පහළ වැටිය යුතු මුත් එහි වාසිය ඒවායේ පාරිභෝගික ජනතාවට කෙතරම් දුරට හිමි වේද? යන්න සමාජයේ කතා බහට ලක් වෙමින් තිබේ.