රුපියල් එකසිය තිහට පාන් දෙන්න බැහැ

පාන් ගෙඩියක් රුපියල් 130ක මිලකට අලෙවි කිරීම කළ නොහැකි හා ප්‍රායෝගික නොවන කටයුත්තක් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මෙම අදහස් පළ කළේ ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය කළ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමිනි.නමුත් තිරිඟු පිටි මිල අඩු කිරීමට රජය අදාළ සමාගම්වලට බලපෑම් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් සියයකට අලෙවි කළ හැකි බව ද ඔහු පවසයි.

කාලීන පුවත්