රුසියාවට එරෙහි වන්න ඇමරිකාව “දත කට මදියි”

රුසියාවට එරෙහි වන්න ඇමරිකාව “දත කට මදියි” රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම යුරෝපාකරයට සේම සමස්ත ලෝකයටම එල්ල වූ අභියෝගයක් බැවින් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව අතිශය සංවිභාගශීලී වන බව අමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.ඒ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ සිදු කළ දුරකතන සංවාදයක දීය.මේ අතර රුසියානු තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනවීම කෙරෙහි ද අමෙරිකානු රජයේ අවධානය යොමු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.ඒ අනුව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ඇමරිකාව සාධනීය පියවරක් ගනු ඇතැයි යුක්රේන ජනාධිපති වරයා කියා තිබේ.මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී යුක්රේනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින්, අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ඇමැතීමට ද නියමිතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර යුක්රේනයට ඇමරිකානු සහාය ලැබීමේ ඉදිරි පියවරක් ලෙස එය ද වැදගත් වනු ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්