රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (18) අලුයම මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. රික්ටර් මාපකයේ ඒකක 7 ක ප්‍රභලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පැසිපික් සාගරයේ භූ කම්පන ක්‍රියාකාරී තීරයක මෙම භූ කම්පනය හටගෙන ඇති අතර පළමු භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ද සිදුව තිබේ.

කාලීන පුවත්