රොෂාන් රණසිංහගේ නිවසට පහර දුන්නේ කවුද?

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගේ පොළොන්නරුව, බැඳිවැව පිහිටි නිවසට ඊයේ(04) රාත්‍රියේ දී කිසියම් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකින් නිවසට සහ එහි වාහන වලට දැඩි හානි සිදුව තිබේ.

මේ වන විට හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පොලිස් සහ යුධ හමුදා ආරක්ෂාව යොදවා ඇති අතර මෙය හුදෙක් වර්තමාන ආර්ථික පීඩනය මුල් කොට ගත් ජනතාව එල්ල කළ ප්‍රහාරයක් ද නැතහොත් රොෂාන් රණසිංහ මහතා ගේ දේශපාලන විරුද්ධවාදී කණ්ඩායමක් විසින් එල්ල කරන ලද සැළසුම් සහගත ප්‍රහාරයක් ද යන්න පිළිබඳව ද විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව එහි පරීක්ෂණ කටයුතු මෙහෙයවන පොලිස් නිලධාරියෙක් කීය.

මීට පෙර ද රොෂාන් රණසිංහ මහතා ගේ පිරිස සහ එම පිරිස අතර යම් ගැටුම්කාරී තත්වයන් හට ගෙන තිබූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

කාලීන පුවත්