“රෝද තුන”ට අගමැති පිහිට වන හැඩයි

ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාව මුල් කොට ගත් වර්තමානයේ ත්‍රිරෝද රථ හිමියන් මුහුණ දී ඇති බරපතල ප්‍රශ්න සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාධනීය විසඳුම් අපේක්ෂා කළ හැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරු සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියයි.ඒ ත්‍රිරෝද රථ කර්මාන්තයට සම්බන්ධ පිරිස් මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් ඊයේ(03) පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.”අගමැති තුමාගේ දේශපාලනය අපිට අදාල නැහැ.නමුත් ත්‍රිරෝද රථ කරුවන් හැටියට අපි මුහුණ දෙන ප්‍රශ්න ගැන එතුමා හුඟක් සංවේදී වුණා.අද වෙන කොට මේ රටේ ත්‍රිරෝද රථ වෘත්තිය එකම ජීවනෝයාය කර ගත්තු ලක්ෂ නවයකට කිට්ටු පිරිසක් ඉන්නවා.ඒ අයගෙන් යැපෙන අයත් එක්ක ඔක්කොම ගත්තොත් ලක්ෂ හතලිස් පහකට කිට්ටුයි.නමුත් අද වෙනකොට මේ ජීවිත සේරම තියෙන්නෙ පුපුරමින් තියන ගිනි කන්දක් උඩ.අගමැති තුමා අපේ මේ කාරණේ හොඳටම තේරුම් ගත්තා”සභාපති වරයා වැඩි දුරටත් කියයි.එමෙන්ම ඉන්ධන මිල වැඩි වීමත් සමඟ ත්‍රිරෝද රථ රියැදුරන් මගීන් ගසා කන බවට චෝදනා කළත් ගසා කෑම කෙසේ වෙතත් අද ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරු පවුල් පාන් ගෙඩියක් ගත නොහැකි තරම් අසරණ වී ඇති බව නම් ඒකාන්ත සත්‍යයක් යැයි ද සභාපති වරයා කීය.එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ත්‍රිරෝද රථ කර්මාන්තය නියාමය කිරීම පිණිස වන රාජ්‍ය මැදිහත් වීමක අවශ්‍යතාව ද අගමැති වරයා එක හෙළා පිළිගත් බවකි.

කාලීන පුවත්