රෝහල්ගතව වැඩ හිඳින පාප් වහන්සේ ගේ අලුත්ම තත්වය

මේ වන විට රෝහල්ගත ව වැඩ හිඳින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ තත්වය තව දුරටත් තරමක් බරපතල වන නමුත් ඉකුත් 22 දා සවස සිට එතුමන් ශ්වසන අර්බුදවලට මුහුණ දී නොමැති බව වතිකානුව නිවේදනය කරයි.ඒ අතර තවමත් ඉහළ ප්‍රවාහ ඔක්සිජන් චිකිත්සාව නාසික කැනියුලා හරහා ලබා දීම දිගටම සිදු වන බවත්. රුධිර පාරවිලයනය නිසා උන් වහන්සේගේ රුධිර අගයන් වැඩි දියුණු වෙමින් පවතින බවත් වාර්තා වෙයි. ආරම්භක සුළු වකුගඩු අකර්මන්‍යතාවයක් ඇතත් උන් වහන්සේ තම සාත්තු සේවකයන් ද සමඟ ඊයේ පෙරවරු දිව්‍ය පූජාවට සහභාගී වූ බව ද වතිකානුව නිවේදනය කරයි.

කාලීන පුවත්