ලංකා විදුලිබල මණ්ඩලය යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට අදාළ ප්‍රමාණවත් දත්ත ලබා දී නෑ

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හේතුවෙන් තම කොමිසම සමඟ පැවති සාකච්ඡා ඊයේ ( 01)දෙවැනි දිනටත් විසඳුමකින් තොරව අවසන් වූ බව එම කොමිසම පවසයි.මෙලෙස තව දුරටත් කල් යමින් තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනයයි.මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ නව ප්‍රතිපත්තිය අනුව 2023 වසරේ අවස්ථා 3කදී විදුලි ගාස්තු සංශෝධනය කරන ලදී.ඒ අනුව පෙබරවාරි 15 ගාස්තු වැඩිකිරීමකට, ජුලි 01 ගාස්තු අඩුකිරීමකට සහ ඔක්තෝබර් 20 නැවතත් ගාස්තු වැඩිකිරීමකට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.අවසන් සංශෝධනය කළ ඔක්තෝබර් මාසයේ ගෘහස්ථ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව ඉහළ නැංවුණේ සියයට 18 ක ප්‍රතිශතයකිනි. මේ අතර යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට සිදුවන මේ ප්‍රමාදය මඟින් විදුලි පාරිභෝගිකයන් අත්විඳින පීඩාව සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය වරයා ඇතුළු සමස්ත රජයම වගකීම භාරගත යුතු බව පාර්ශව ගණනාවක්ම පෙන්වා දෙයි.

කාලීන පුවත්