පැන්ඩෝරා සහ ඇගේ පෙට්ටගම ගැන කතාවේ කියැවෙන්නේ අබිරහස් පෙට්ටගමක් පිළිබඳවය.ඒ පෞරාණික ග්‍රීක පුරාවෘත්තයකය. නමුත් ලෝකයම මේ දිනවල කතා කරන මාතෘකාවක් වන්නේ පැන්ඩොරා පත්‍රිකා ගැනය. ඒ අතර ලංකාවේ දේශපාලඥයෙකුගේ නමක් ඊට සම්බන්ධවීම නිසා අපේ රට ද උනුසුම් වී තිබේ. ඒ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාතී සහෝදරියක වන නිරූපමා රාජපක්ෂ හා ඇගේ සැමියාගේ නම ද එම පත්‍රිකාවල තිබීම ය.
මොනවද මේ පැන්ඩෝරා පත්‍රිකා යන්න විමසා බැලිය යුතුය. පැන්ඩොරා පත්‍රිකා යනු කලු සල්ලි සඟවා තැබූ ලේඛනවේ. ව්‍යාපාරිකයන්, දේශපාලඥයන්, ක්‍රිඩකයන් මෙන්ම කලාකරුවන්ගේ මුදල් මෙම පත්‍රිකාවල ඇතුළත්ව තිබේ. මුදල් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිවීම, බදුවලින් ආරක්ෂාවීම යන කාරණා මත බොහෝ ධනවත්තු මෙලෙස තමන් සතු අතිරික්ත මුදල් මෙවැනි ස්ථානවල සගවා තබති.ඒ කලු සල්ලඉ සුදු කර ගත හැකි මඟක් නැතිවය.
පැන්ඩොරා පත්‍රිකා පිළිබද තොරතුරු හෙළිදරම් කරන්නේ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. ඔවුන් විසින් රටවල් 91 ක දේශපාලඥයන්, රජයේ නිලධාරීන් ඇතුළු 300 ක ගේ හෙළි නොකළ වත්කම් ඇතුළත් තොරතුරු හෙළිදරව් කර තිබේ.
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝන් බ්ලෙයාර්, ජෝර්දානයේ දෙවෙනි අබ්දුල්ලා රජුගේ හෙළි නොකළ වත්කම් ගැන මෙම පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබේ. මීට පෙර පැනමා පත්‍රිකා ගැන තොරතුරු හෙළිදරව් වූ අතර එහිද ලංකාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ හා ක්‍රිඩකයෙකුගේ නම් ඇතුළත් විය.
පැන්ඩෝරා පත්‍රිකා මගින් මෙරටින් හෙළිදරව් වන්නේ නිරූපමා රාජපක්ෂ හිටපු ඇමතිවරියගේ හා ඇයගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන්ගේ හෙළි නොකළ වත්කම් පිළිබද තොරතුරුය. නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් එක්ව පවත්වාගෙන ගිය විදෙස් රටක පිහිටවූ අක්‍රිය සමාගමක් හරහා කළ ආයෝජන මගින් ලන්ඩනයේ හා සිඩ්නි නගරයේ සුඛෝප
භෝගී මහල් නිවාස මිලට ගෙන ඇති බව ද එම තොරතුරුවලින් හෙළිදරව් කර තිබේ.
තවද ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් විසින් ශ්‍රී ලංකා රජය හා ව්‍යාපාර කරන විදෙස් සමාගම්වලට උපදේශන සේවා සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගෙන ඇති බවද මෙහි සඳහන්ය. 2011 වසරේ තිරුකුමාර් නඩේෂන් සතු මුළු ධනය ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් බවට ද පැන්ඩෝරා පත්‍රිකාවල තොරතුරු සදහන් ව තිබේ.
ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමයේ විශ්ලේෂණයන්ට අනුව සිංගප්පූරුවේ ඒෂියා සිටි නමැති නැමැති උපදේශන ආයතනය පමණක් ඔහුගේ ඇමරිකානු ඩොලර් මිලියන 18 ක වත්කම් කළමනාකරණය කර ඇත. ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් මේ ගැන නිරූපමා රාජපක්ෂගෙන් හා තිරුකුමාර් නඩේෂන්ගෙන් විමසා ඇති අතර ඔවුන් ඊට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කර තිබේ.
පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති සිය රටේ ඇමතිවරු හා නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බවය. රටවල් ගණනාවක් තම රටවල නායකයන් ගැන හෙළිදරව් කරන ලද පිරිස ගැන පරීක්ෂණ පවත්වන බවට පවසා තිබේ.
නමුත් ශ්‍රී ලංකා රජය තවමත් මේ ගැන පරික්ෂණයක් පවත්වන බවට ප්‍රකාශයක් කර නොමැත. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සදහන් කරන්නේ බොහෝ පිරිසක් මෙලෙස තොරතුරු සගවන්නේ බදු ගෙවීම් පැහැර හැරීම වෙනුවෙන් බවයි.
රටක ජනතාවගේ බදු මුදල් මෙලෙස කොල්ලකෑම වරදක් බවද ඔවුහු කියති. ඉම්රාන් ඛාන් අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත්තේ රටවල් දිළිඳු නොවන අතර රටවල් දිළිඳු කරන්නේ ඒවා පාලනය කරන දූෂිත දේශපාලඥයන් බවයි.අප රට සම්බන්ධයෙන් සිතා බලා අපේ ජන වහරට අනුව කිව හොත් ඔහු කියා ඇත්තේ”කටේ මසුරන් දැමීමට තරම් වටින කතාවකි”නමුත් අපේ රටේ බහුතරය තවමත් දේශපාලඥයනට දේවත්වයන් ආරෝපණය කොට ඇති නිසා”ඔය කොයි කොයි අප්පුහාමිගෙත් කිල්ලෝටවල හුණු තිබෙන බව ජනතාව නොසිතති.ගසා කෑම දේශපාලන සංස්කෘතියේ කොටසක් වීම යම් රටකට වැළඳිය හැකි”නිදන් ගත රෝගයකි”අපේ රට තුළ පවතින දිළිඳු බවේ ආර්ථික පරිහනියේ රෝග නිධානය එයයි.පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් කළ තොරතුරු ගැන එවක පැවැති රජය ද පරික්ෂණයක් කළේ නැත. එම නිසා වත්මන් රජය ද ජනාධිපතිවරයාගේ ඥාති සෙහොයුරිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරතැයි සිතිය නොහැක. පැනමා පත්‍රිකාවලින් නම් හෙළිවූ සෙසු පිරිස් පැවැසුවේ තමන්ගේ මුදල් එලෙස සගවා නොමැති බවයි. එම නිසා පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන්ද අපේ රටින් ද එවැනි දෙයක් ඇසුණද අප පුදුම විය යුතු නැත
ලසන්ත වීරකුලසූරිය