ලබන අය වැයෙන් ජනතාවට සහන සළසන්න ජනපති බැසිල් හමුවෙති

ලබන අය වැයෙන් ජනතාවට සහන සළසන්න ජනපති බැසිල් හමුවෙති 2024 අයවැයෙන් ජනතාවට යම් සහනයක් ලබාදීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ඓMF) ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොවන පරිදි ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළක් අයවැයට ඇතුළත් කිරීනේ වැදගත්කම බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කොට තිබේ.එම හමුව පැයක පමණ කාලයක් පැවති අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද එම හමුවට එක් වී ඇත.

කාලීන පුවත්