ලබන පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලි බිල අඩුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්තමේ වනවිටත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බව ද ඔහු පවසයි.එමෙන්ම මේ වන විට සැලසුම් කොට ඇති නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කොට ඇති අතර එහි වාසිය ද රටේ ජනතාවට හිමි වන බවට ද රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.