ලාෆ් ගෑස් හිඟය සති කීපයයි

දැනට පවතින ලාෆ් ගෑස් හිගය තවත් සති කිහිපයකින් අවසන් වන බව එම සමාගම සඳහන් කරයි. ඒ අනුව ඉදිරියේදී දිනකට ගෑස් සිලින්ඩර් 15000කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොලට නිකුත් කෙරෙන අතර ගෑස් පිරවීමේදී අංශ කිහිපයකින් එහි ප්‍රමිතිය සලකා බැලෙන බවත්. එම පරීක්‍ෂණ සදහා කාලය ගතවන බැවින් ගෑස් ප්‍රමාදයක් ඇති වු බව ලාෆ් සමාගම කියයි.ඉන් පසු තම පාරිභෝගිකයන්ට නිසි ප්‍රමිතියෙන් යුතු ගෑස් කිසිදු හිඟයකින් තොරව සැපයීමට හැකි වන බවත් එම සමාගම කියයි.

කාලීන පුවත්