ලුණුත් රටින් ගෙන්වන්න යයි?

සමාගම් කිහිපයක් ලුණු ආනයනයට ආණ්ඩුවෙන් අවසර ඉල්ලා ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි..ලුණු නිෂ්පාදනය කිරීමේ දී මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පෙන්වා දෙමින් එම සමාගම් අදාළ යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බවත් කර්මාන්ත අමාත්‍යාංශය හා සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.මේ අතර දී ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.ගුණරත්න මහතා සඳහන් කරනුයේ මේ වනවිට මාස 02ක කාලයකට ප්‍රමාණවත් පරිදි ලුණු මෙට්‍රික් ටොන් 12ක සංචිතයක් පවතින බවයි.ඉදිරියේදී ඇතිවිය හැකි වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ලුණු නිෂ්පාදනය යම් පමණකට අඩාල විය හැකි මුත් මේ වන විට වෙළඳ පළේ ලුණු හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නොමැති බව ද ඔහු පවසයි.

කාලීන පුවත්