ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ගේ ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. පවතින යුධමය තත්ත්වයත් සමග අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ වෙනුවෙන් අද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘතව පවතිනු ඇති.ඒ සඳහා විදෙස් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර ඇතුලු ලේඛණ රැගෙන යාම අනිවාර්යයි.

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති ලාංකිකයින්, එලෙස පිටත්ව යෑම සඳහා සිය සේවා යෝජකයාගේ ලිඛිත කැමැත්ත ලබා ගත යුතු වෙයි.යම් ගැටළුවක් ඇත්නම්, 00 961 791 255 89 යන දුරකතන අංකය අමතා, තානාපති කාර්යාලයට දැනුම් දීමට හැකියාව පවතිනු ඇති.

කාලීන පුවත්