ලෝකයේ ඇතැම් රටවල, විශේෂයෙන් බටහිර සහ ආර්ථික වශයෙන් සංවර්ධිත රටවල සෑම වසරකම දෙසැම්බර් 25 සිට ජනවාරි 1 වැනිදා දක්වා විශේෂ නිවාඩු සමයක් අත්විඳිනු දැක ගත හැකිය. මේ රටවල විශේෂත්වය වන්නේ ඒවායේ වාර්ෂික නිවාඩු සංඛ්‍යාව ඉතා අවම මට්ටමක පැවතීම මෙන්ම වසර මුළුල්ලේම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවක් දක්නට ලැබීමය. ප්‍රසිද්ධ නිවාඩු ප්‍රමාණය අතින් ලෝකයේ දෙවැනි තැන ගන්නා ශ්‍රී ලංකාවේ වාර්ෂික ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 25 ක් පමණ පවතී. මුල් තැන ගන්නා ඉන්දියාවේ එය 32 කි. ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව සැලකිය යුතු තරමින් අවම මට්ටමක පවතින බොහෝ සංවර්ධිත රටවල පෙර සඳහන් කළ පරිදි වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවක් ලැබෙන බව පෙනෙන්නට තිබේ. එයට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ වසරේ මේ සමයේ ඔවුන් යම්කිසි විවේකයක් අපේක්ෂා කරන නිසා මෙන්ම මේ සමයේ ව්‍යාපාරික කටයුතු ඉතා මන්දගාමී ලෙස සිදුවීමය.
වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවක් පවතින ප්‍රධාන රටක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයය. එහි දෙසැම්බර් 25 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දීර්ඝ නිවාඩුවක් පවතී. මේ සමයේ බොහෝ රැකියා ආයතන ක්‍රියාත්මක වන්නේ ඉතා අවම වශයෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ බහුතරයක් කතෝලික වීම නිසා දෙසැම්බර් 25 වැනිදා නත්තල සැමරීම සඳහා ඔවුන්ට නිවාඩු ලබා දීම සමගින් මේ නිවාඩු සමය ආරම්භ වේ. මෙය ජනවාරි 1 වැනිදා දක්වා පවතින බොහෝ ආයතන වසා තබා ඇති අයුරු දකින්නට ලැබේ.
වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවක් පවතින ප්‍රධාන රටක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයය. එහි දෙසැම්බර් 25 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දීර්ඝ නිවාඩුවක් පවතී. මේ සමයේ බොහෝ රැකියා ආයතන ක්‍රියාත්මක වන්නේ ඉතා අවම වශයෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ බහුතරයක් කතෝලික වීම නිසා දෙසැම්බර් 25 වැනිදා නත්තල සැමරීම සඳහා ඔවුන්ට නිවාඩු ලබා දීම සමගින් මේ නිවාඩු සමය ආරම්භ වේ. මෙය ජනවාරි 1 වැනිදා දක්වා පවතින බොහෝ ආයතන වසා තබා ඇති අයුරු දකින්නට ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික ප්‍රසිද්ධ නිවාඩු ඇත්තේ 10 ක් පමණි. ඇමරිකා එක්සත් ජනපදයේ රැකියාවන්හි නිරත වන්නන්ට වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු හිමිකම ඇත්තේ ඔවුන් කොපමණ කාලයක් අඛණ්ඩව සේවයේ යෙදී සිටියේ ද යන්න මත පදනම්වය. අඛණ්ඩව වසරක් සේවයේ යෙදී සිටියහොත් වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු 10 ක් හිමි වන අතර වසර 10 කට වැඩි අඛණ්ඩ සේවයක් තිබේ නම් වැටුප් සහිත නිවාඩු 20 ක් හිමි වේ.
වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවක් දැකිය හැකි තවත් රටක් වන්නේ එක්සත් රාජධානියය. එහි ද දෙසැම්බර් 25 වැනිදා ආරම්භ වන නිවාඩුව ජනවාරි 1 වැනිදා දක්වා පවතින අතර දෙසැම්බර් 26 වැනිදා ‘බොක්සිං ඩේ’ නමින් ද නිවාඩු දිනයක් යෙදී තිබේ. ඒ සාප්පු සවාරි යෑම සඳහාය. එක්සත් රාජධානියේ වාර්ෂික ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 8 ක් පමණි. කෙසේ නමුත් එරට රැකියාවන්හි නිරත වන්නන්ට වැටුප් සහිතව වාර්ෂිකව දින 28 ක් දක්වා නිවාඩු ලබා ගැනීමේ හැකියාව තිබේ.
ජර්මනියේ ද දෙසැම්බර් 25 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දීර්ඝ නිවාඩුවක් දකින්නට ලැබෙන රටකි. යුරෝපයේ විශාලතම ආර්ථිකය පවතින රට ජර්මනිය වුව ද මේ සමයේ දී එය මන්දගාමී තත්ත්වයට පත් වේ. එරට වාර්ෂික නිවාඩු සංඛ්‍යාව 9 – 13 අතර වන අතර සතියකට දින 5 ක් පමණක් සේවයේ යෙදෙන්නන්ට වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු 20 ක් හිමි වන අතර සතියකට දින 6ක් වැඩ කරන සේවකයන්ට වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු 24 – 30 අතර සංඛ්‍යාවක් හිමි වේ.
වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවකට හිමිකම් කියන තවත් රටක් වන්නේ ඕස්ට්‍රේලියාවය. එරට ද එක්සත් රාජධානිය හා සමානවම දෙසැම්බර් 25 නත්තල් සැමරීම සඳහාත්, දෙසැම්බර් 26 ‘බොක්සිං ඩේ’ සඳහාත් නීත්‍යානුකූලව නිවාඩු ලැබෙන අතර එම දින දෙකට අමතරව ජනවාරි 1 වැනිදා දක්වා සාම්ප්‍රදායිකව දීර්ඝ නිවාඩුවක් හිමි වේ. ඕස්ට්‍රේලියාවේ වැසියන්ට වසර පුරා වෙහෙස මහන්සි වී වැඩකටයුතු කළ යුතු අතර එහි වාර්ෂිකව දින 7 සිට 13 දක්වා ප්‍රසිද්ධ නිවාඩු පවතී. එය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් ය. එමෙන්ම සේවයේ යෙදෙන සෑම පුද්ගලයකුම වැටුප් සහිත සති 4 ක වාර්ෂික නිවාඩුවකට හිමිකම් කියයි. වර්ෂාවසානයේ මේ දීර්ඝ නිවාඩුව නිසා කර්මාන්ත ශාලා ආදිය ක්‍රියාත්මක වීම ඉතාමත් අවම මට්ටමක පැවතිය ද, මේ කාලය තුළ සංචාරක ව්‍යාපාරයට කිසිදු බලපෑමක් සිදු නොවන අයුරින් කටයුතු යොදා ඇති අතර එයට හේතුව වන්නේ මේ සමයේ දී සංචාරක ව්‍යාපාරය තුළින් ඔවුන්ට ඉතා ඉහළ ආදායමක් ලැබෙන බැවිනි.
එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව සේම කැනඩාවේ ද දෙසැම්බර් 25 වැනිදා නත්තල සැමරීම සඳහාත්, දෙසැම්බර් 26 ‘බොක්සිං ඩේ’ සඳහාත් නිවාඩු හිමි වන අතර එතැන් සිට ජනවාරි 1 වැනිදා දක්වාම මේ නිවාඩු සමය ක්‍රියාත්මක වේ. ‘බොක්සිං ඩේ’ පවතින සෙසු රටවල සේම කැනඩාවේ ද මේ දිනය සාප්පු සවාරි යෑම සඳහා ඉතා ජනප්‍රිය දිනයක් ලෙස සැලකේ. කැනඩාවේ වාර්ෂික ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 5 – 10 අතර වන අතර ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට එහි වෙනස්කම් දකින්නට ලැබේ. කැනඩාවේ රැකියාවන්හි නිරත වන්නන් හට වාර්ෂිකව වැටුප් සහිත නිවාඩුු හිමි වන්නේ ඔවුන් සේවය කළ කාලය මත පදනම්වය. වසරක සේවා කාලයකින් පසුව ඔවුන්ට වැටුප් සහිතව දින 10 ක නිවාඩුවක් හිමි වන අතර වසර 10 ක සේවා කාලයකින් පසුුව එය වැටුප් සහිත දින 20 ක් හෝ සේවා ආයතනය කැමති පරිදි දීර්ඝ කර ගත හැකිය.
දෙසැම්බර් 25 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා දීර්ඝ නිවාඩු සමයක් ක්‍රියාත්මක වන තවත් යුරෝපීය රටක් වන්නේ ප්රංශයයි. එරට ජනවාරි 1 වැනිදා ද ප්‍රසිද්ධ නිවාඩු දිනයකි. ඊට අමතරව එරට වාර්ෂිකව ප්‍රසිද්ධ නිවාඩු 11 ක් පවතින අතර සේවකයන්ට වාර්ෂිකව වැටුප් සහිතව සති 5ක නිවාඩු හිමිකමක් තිබේ. එවැනි නිවාඩු වැඩිම ප්‍රමාණයක් හිමි වන රටක් ලෙස ද ප්‍රංශය ප්‍රසිද්ධය.
ජපානයේ ද වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවක් ක්‍රියාත්මක වුව ද විශේෂත්වය වන්නේ එය දෙසැම්බර් 29 වැනිදා සිට ජනවාරි 3 වැනිදා දක්වා පැවතීමය. එරට දෙසැම්බර් 25 ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන අතර එය වෙළෙඳ සහ ආදරණීය සැමරුම් සඳහා සුවිශේෂ දිනයක් ලෙසින් පමණක් ක්‍රියාත්මක වේ. ජනවාරි 1 වැනිදා එළඹෙන නව අවුරුදු දිනය උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබයි.
ජපානයේ ද වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවක් ක්‍රියාත්මක වුව ද විශේෂත්වය වන්නේ එය දෙසැම්බර් 29 වැනිදා සිට ජනවාරි 3 වැනිදා දක්වා පැවතීමය. එරට දෙසැම්බර් 25 ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන අතර එය වෙළෙඳ සහ ආදරණීය සැමරුම් සඳහා සුවිශේෂ දිනයක් ලෙසින් පමණක් ක්‍රියාත්මක වේ. ජනවාරි 1 වැනිදා එළඹෙන නව අවුරුදු දිනය උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබයි. ජපානයේ වාර්ෂික ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 16ක් වන අතර එය සංවර්ධිත රටවල් අතර ඉතා ඉහළ ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් පවතින එක රටක් ලෙස ද ප්‍රසිද්ධය. එරට රැකියාවන්හි නිරත වන්නන්ට වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු හිමි වන්නේ ඔවුන් සේවයේ යෙදී සිටි කාලය මතය. සේවය ආරම්භ වී මාස 6ක් අවසන් වූ විට වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු 10 ක් හිමි වන අතර වාර්ෂිකව වැටුප් සහිත නිවාඩු 20 ක් හිමි කර ගැනීම සඳහා වසර 6 1/2 ක අඛණ්ඩ සේවා කාලයක් තිබිය යුතු වේ. කලින් වසරේ නොගත් නිවාඩු ඊළඟ වසර දක්වා රැගෙන යාමේ හැකියාවක් ද ජපානයේ පවතී.
වර්ෂාවසානයේ මෙවැනි දීර්ඝ නිවාඩුවක් ක්‍රියාත්මක කරන්නට ඉහත සඳහන් කළ රටවල් කටයුතු යොදා ඇත්තේ එම සමයේ දී විවිධ සංස්කෘතිකාංග බොහොමයක් ක්‍රියාත්මක වීම නිසා බව පෙනෙන්නට තිබේ. අනෙක මේ සෑම රටක්ම පාහේ ආර්ථික වශයෙන් සංවර්ධිත ඒවාය. වර්ෂාවසානයේ දීර්ඝ නිවාඩුවක් ක්‍රියාත්මක වූ පමණින් ඔවුන්ගේ ආර්ථිකයට එයින් දැඩි බලපෑමක් එල්ල නොවන අයුරින් සියල්ල සැලසුම් කොට තිබේ. එපමණක් නොව රැකියාව සහ පවුලේ පිරිස් සමග ගත කරන ජීවිතය වඩාත් සමබර කිරීමේ උනන්දුවක් ද මේ රටවල පවතී. ඒ සඳහා වර්ෂාවසානයේ සෑම පුරවැසියකුටම ඉඩකඩ සැලසීම ද මෙවැනි දීර්ඝ නිවාඩුවක අරමුණ වේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක