ලොව පුරා රටවලින් දෛනික වාර්තා වන කො9විඩ් මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබේ.ලොව පුරා රටවල් 222 කින් ඊයේ(13) දිනයේදී කොවිඩ් මරණ 5,998 ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 1,241 ක්. ඒ සමඟම එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් පන්දහසකට ආසන්න වනු ඇත. එමෙන්ම ඊයේ දිනයේදී හමුවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වන 41,107 හමුවූයේ ඇමෙරිකාවෙනි. ඒ සමඟම මේ වන විට ලොව සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව විසිපන්කෝටි තිස්හය ලක්ෂය ඉක්මවා තිබේ. ලොව සමස්ත මරණ සංඛ්‍යාව 5,110,566ක් බව වාර්තා වෙයි.