ලොවින් තුරන් කළ යුතු අධි අන්තරායකර පළිබෝධ නාශක 40 ක් ශ්‍රී ලංකාවේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලොවෙන් තුරන් කිරීමට කටයුතු යොදා ඇති අධි අන්තරායකර පළිබෝධනාශක 40 ක් ශ්‍රී ලංකාවේ තවමත් භාවිතය සදහා නිර්දේශ කර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා පවසයි. ඉන් 14 ක්ම ගෘහස්ථව භාවිත කෙරෙන රසායනික බැවින් ජනතාවගේ අන්තරාසර්ග පද්ධතිය ඇතුලු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම මඳසරු භාවය හා පිළිකා රෝගවලට හේතුවක් වන බවට හදුනාගෙන ඇති බව වාර්තාවක් නිකුත් කරමින් එම කේන්ද්‍රය සදහන් කරයි. අද(23) පැවති මාධ්‍ය හමුවකදී අදාළ පර්යේෂණ වාර්තාව එළදක්වමින් හේමන්ත විතානගේ මහතා තමන් විසින් කරන ලද පර්යේෂණය ඇතුළත් වාර්තාව ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා වෙත නිල වශයෙන් භාරදීමට කටයුතු කරන බව කීය.

කාලීන පුවත්