මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය ජල හිඟතාවය හා අධික සුළං හේතුවෙන් තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට එරට රජය අනතුරු අඟවා තිබේ.ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහල ගොස් ඇති අතර මේ වන විට ලැව්ගින්න්න තවත් ප්‍රදේශ තුනකට ද ව්‍යාප්ත වී තිබේ.මේ අතර ලැව් ගිනි නිසා අතහැර දමා ඇති නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් පසුගිය දින දෙක තුළ පමණක් පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.