වංචා කොට ඇත්තේ සුදුළුණු විතරක් නොවේ

“මං සී.අයි.ඩී එකට කිව්වේ සුදු ළූණු විතරක් නෙවෙයි, උඳු ගෙනිහිල්ලා තියනවා. මේ විදිහටම පරිප්පු කිරිපිටි මාස ගාණක් තිස්සේ ගෙනියපු ඒවත් හොයන්න කියලා, සුදු ළූණුවලින් විතරක් වහගන්න හැදුවොත් මේ ඔක්කොම හොරු බේරෙනවා”සුදුළුණු වංචාවක් සිදුවු බවට හෙළි කළ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ(08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඉන් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු ‌මේ බව සඳහන් කළේ ය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව කටයුතු සිදු නොවී මෙලෙස හොර මැර ජාවාරම් සිදු වන්නේ නම්, තවදුරටත් එවැනි ආයතනවල සිටීමෙන් ඵලක් නොමැති නිසා තමා ඉවත් වූ බව ද හිටපු අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

තව ද මේ වන විට පාරිභෝගික අධිකාරියෙන් සැබෑ ලෙසම ඵලක් නැති බව සඳහන් කළ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ, එය වසා දමන්නේ නම්, රජයේ මුදල් හෝ ඉතිරි කර ගත හැකි බවයි.

කාලීන පුවත්