පසුගිය මහ කන්නයේ දී සිදු වූ අස්වනු හානිය සැළකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සියලූම ගොවීන්ට ලබා දීම සඳහා පිරිනමන ලද රුපියල් බිලියන 08ක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද ආරම්භ වෙයි.කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම මුදල මෙරටට ලබා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ඉල්ලීමකට අනුව බවකි.ඒ අනුව කුඹුරු හෙක්ටෙයාර් 01ක් වගා කර ඇති ගොවීන් සඳහා රුපියල් 10,000 බැගින් හා කුඹුරු හෙක්ටෙයාර් 02 ක් වගාකර ඇති ගොවීන්ට රුපියල් 20,000 බැගින් ගොවි ගිණුම්වලටම බැර කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.