මේ වසරේ සිදුව ඇති වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.පසුගිය වසරේ ද වගා හානි වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් ගෙවා ඇති අතර මෙවර මහ කන්නයේදී වී කිලෝවක් රුපියල් 75ක් බැගින් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇති බව ද ඔහු පැවසීය.මේ අතර කාබනික පොහොර භාවිතා කොට වී ගොවිතැන් කළ ගොවීන්ට සහනය සැළසීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇතැයි ද ඇමති වරයා කීය.