වගා හානි වන්දිය අක්කරයකට රුපියල් ලක්ෂයක් ඕනෑ

මෙවර මහ කන්නයේ වගා හානි සඳහා ගොවීන්ට අක්කරයකට අවම වශයෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එවැනි වන්දි මුදලක් නොලැබෙන්නේ නම් එය දිනා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට ගොවි සංගම් සූදානම් බවයි.එමෙන්ම මහ කන්නයේ වගා හානි වී ඇත්තේ සියයට 15 ත් 25 ත් අතර ප්‍රමාණයක් බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඉකුත් දා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි බව කරුණාරත්න මහතා කීය.

කාලීන පුවත්