වතු කම්කරුවන්ට ස්ථිර ලිපින

ප්‍රථම වතාවට වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කුරුණෑගල මාවතගම නුවර කන්ද වතුයායේ කම්කරු නිවෙස්වලට ලිපින ලබා දීමට තීරණය කර ඇති බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නේ වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලු අවස්ථාවේදීය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කෙරිණ.

කාලීන පුවත්