වන අලි බහුලවම ගැටෙන මඩකලපු දුම්රිය මාර්ගයේ රාත්රී දුම්රිය කාල සටහන වෙනස් කිරීමටත් රාත්රී කාල වල එම මාර්ගයේ ධාවනය කෙරෙන එන්ජින් සහ මැදිරි දුම්රිය වෙනුවට බලවේග කට්ටල දුම්රිය යෙදවීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.ඒ අනුව රාත්රී 7.00ට කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය කෙරෙන මීන ගයා නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය ලබන 07 වන දා සිට රාත්රී 11.00ට ගමනාරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.