වර්තමාන ගුරු අර්බුදය දේශපාලනික නැඹුරුවක් සහිත එකක්

වර්තමානයේ පවත්නා ගුරු අර්බුදය සමස්ත ගුරු සේවයේම මතුව ඇති අර්බුදයක් නොවන බවත් එක්තරා දේශපාලන කණ්ඩායමක් කෙරෙහි නැඹුරුවක් ඇති ගුරුවරුන් පමණක් ඊට සම්බන්ධ වී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව එක් කණ්ඩායමක් නිසා සමස්ත ගුරු වෘත්තියටම කැලලක් සිදුව ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. .එසේම මෙම තත්ත්වය දක්නට ලැබෙන්නේ සිංහල පාසල් වල පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙමළ, මුස්ලිම් සහ පෞද්ගලික පාසල් අඛණ්ඩව දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට කැපවී සිටීම අගය කළ යුතු බව ද කීය.රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවාර්යයෙන්ම පාසල් තුළ රැඳී සිටිය යුතු යැයිද යම් හෙයකින් පාසල් දරුවන්ට හිමි අධ්‍යාපනය අහිමි වන්නේ නම් ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහා නායක නා හිමියන් අද(27) බැහැ දුටු අවස්ථාවේ දී උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරකට එක් වෙමිනි.

කාලීන පුවත්