වරායේ ඉදිකිරීම් මුදලින් ඩොලර් 10000ක අතයට ගනුදෙනුවක්

කොළඹ වරායේ ඉදිකෙරෙන දකුණු ආසියාවේ විශාලතම සැපයුම් සංකීර්ණයේ ආයෝජනය සඳහා වෙන් කළ මුදලින් ඇමරිකානු ඩොලර් දසදහසක අතයට ගනුදෙනුවක් කළ බව කියන චීන සමාගමේ ප්‍රධානියකු චීනයට නැවත කැඳවීමට සූදානමක් ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරඇත.

මීට ඉහතදීත් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර එවා තිබූ ප්‍රධාන විධායක නිලධාරියාව පැය විසිහතරක් ඇතුළත හදිසියේම චීනයට කැඳවීමට පියවර ගෙන තිබිණි. ඒ වෙනුවට මීට මාස කිහිපයකට පෙර නව නිලධාරියකු පත් කර එවීමට ද පියවර ගෙන තිබිණි.

මෙම ඩොලර් දසදහසක මුදල මෙරට ලිපිද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත ප්‍රධාන පෙළේ සමාගමකට අයත් රාජ්‍ය බැංකුවක ගිණුමක් ඔස්සේ හුවමාරු වී ඇති බවත්, මෙය කොමිස් මුදලක් ලෙස හුවමාරුවී ඇති බවත් අනාවරණය වී ඇත.

කාලීන පුවත්