ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය උප්පැන්න සහතික දෙකක් ළග තබා ගැනීමේ වරද සිදු කොට ඇති බවට ප්‍රමණවත් සාක්ෂි ඇති බවත්, ඇය සිදුකර ඇති වරදට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (09) දැනුම් දුන්නේය.ඒ අනුව, මෙම විමර්ශනයට අදාළව ඉදිරි පියවර ගැනීම සඳහා මසක කාලයක් ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.පැමිණීල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සැකකාරිය සිදුකර ඇත්තේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි සංඥය වරදක් බවත්, ඒ හේතුවෙන් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.ඩයනා ගමගේ මහත්මිය බි්රතාන්ය පුරවැසියකුව සිටිමින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් රාජකාරි ගමන් බලපත්‍රයක් හා සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ලබාගෙන මෙරට නිති විරෝධී ලෙස රැඳී සිටිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුව වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 22, වට මාවත, පිළියන්දල ලිපිනයෙහි පදිංචි සමාජ ක්‍රියාධරයකු වන හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් යන විසින් ඉකුත් 2020 වර්ෂයේ නොවැම්බර් මස 02 වැනිදාය.