නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල මෙවරත් 22 වෙනි වතාවට අද (01) දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වය අරැඹිණි.
මෙවර සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය ස්පින් ෆස්ට් 2024 මැයෙන් වසන්ත උදානය නම් කර තිබිණ.
වසන්ත උදානය සමාරම්භය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම නුවරඑළියේ මහ නගර සභාවේ වැඩ බලන නාගරික පවසාරිස් හා නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) සුජීවා බෝධිමාන්න මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.