ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකු මෙන්ම සම්මානනීය රංග ධරයකු වූ වසන්ත විට්ටච්චි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබනමින් සිටියදී ය.අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65 කි.වේදිකාව සහ ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනට සිය රංගන කෞශල්‍යයෙන් හා වේශ නිරූපණයෙන් ඔප් නැංවූ කලාකරුවෙකු වූ ඒ මහතා වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස කලා ලොවට පිවිස, ඔහු පසු කාලීනව රංගනයට පිවිස ඇති අතර සිංහල නාට්‍ය කලාවේ අංග රචනයට හිමි වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමි කර ගත් වේශ නිරූපණ ශිල්පියා ද ඔහු බව පැවසෙයි.වසන්ත විට්ටච්චි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කරති.