ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 10 කට පසු යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස් දහසක් වගා කිරීමට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ යටතේ 2025 වන විට මෙරට පරිභෝජනයෙන් 80%ක කෘෂි නිෂ්පාදන ඵලදාවක් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.නවීන තාක්ෂණය කෘෂිකර්මයට යොදා ගැනීම තුළින් අපනයනය ඉලක්ක කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ඒ තුළින් ආනයන කෘෂි බෝග සීමා කිරීමටත් හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ‘වසරක ප්‍රගතිය’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.