වාමාංශික ජාතිකවාදී මතවාදය නියෝජනය කරන ශ්‍රී ලාංකීය ජනතාවගේ මූලික විකල්පය වන සර්වජන බලය සන්ධානය සිය ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය දියත් කිරීමට සූදානමින් සිටින බවත් නොවරදවාම ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය.නමුත් ඒ කවුරුන්ද යන්න ඔහු හෙළි කළේ නැත.අද වන විට ශ්‍රී ලාංකේය දේශපාලනයේ වාමාංශික ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින එකම බලවේගය තම සන්ධානය බව සඳහන් කළ ඔහු අනෙකුත් සියලුම පක්ෂ දක්ෂිණාංශික ලිබරල්වාදයේ ධජය යටතේ එක්සත් වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක යන සියලු දෙනාම එම මතවාදයට අනුගත වී ඇති බවත් කී ඔහු තම සන්ධානය ජනතාවට සුවිශේෂී විකල්පයක් ලබා දෙන බව කීය.දිලිත් ජයවීර මහතා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
.