වැට් බද්ද නිසා පාසල් උපකරණ මිල ගණන් අඩු කිරීමට නොහැකියි – ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ

අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවලින් අය කරන වැට් බද්ද නිසා ඒවායෙහි මිල ගණන් අඩු කිරීමට නොහැකි බව අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ කියා සිටිති.

වැට් බද්ද අය නොකිරීමට කටයුතු කරන්නේනම් රුපියල් 200 ක අභ්‍යාස පොතක් රුපියල් 40 ක පමණ මිලකින් අඩු කළ හැකි බවද ඔව්හු පවසති.

අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, අඩි කෝදු, පාසල් බෑග්, සපත්තු ආදී සියල්ලගෙන්ම වැට් බදු අය කෙරෙන බව පාසල් ලිපි ද්‍රව්‍ය අලෙවි කරුවෝ පවසති.

කාලීන පුවත්