වැඩ වර්ජනය අතරේත් කෘෂි සේවා බිඳ වැටුණේ නැහැ

ඊයේ(15) පැවැති රාජ්‍ය සේවක වැඩ වර්ජනය අතරේ වුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනයන්හි රාජකාරි සහ දෛනික කටයුතු කිසිදු බිඳ වැටීමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බවත් සියලුම කාර්ය මණ්ඩල සේවයට වාර්තා කර ඇති බවත් එම ආයතන ප්‍රධානීන් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.එමෙන්ම ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් නිපදවනු ලබන මිශ්‍ර පොහොර ටොන් 30කට ආසන්න ප්‍රමාණයක් ඊයේ දිනය තුළ නිෂ්පාදනය කරන ලද බවත් එමෙන්ම යූරියා පොහොර බෙදා හැරීම කිසිදු බාධාවකින් තොරව සිදු කළ බවත් එම සංස්ථා දෙකෙහි සභාපතිවරු ද තමන් වෙත දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා වැඩි දුරටත් කීය.

කාලීන පුවත්