එදා වැස්ස ආවාම ලයිට් බිල අඩු කරන බව කී ආණ්ඩුව මේ වැසි කාලයේ ගොළුවන් බිහිරන් සේ නිහඬ වී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.එමෙන්ම විදුලි බල මණ්ඩලේ මෙච්චර ලාබයි, අච්චර ලාබයි කියමින් ආණ්ඩුව පම්පෝරි ගහන නමුත් පාරිභෝගික ජනතාව තවමත් ලයිට් කපාගෙන හිඟමනට වැටී ඇතැයි ද මාන්නප්පෙරුම මහතා කීය.ඒ නිසා ජල විදුලි උත්පාදනයේ වාසිය ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද මන්ත්රීවරයා පැවසීය.ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා රට යම්තාක් දුරකට ස්ථාවර කළත් ඉන් සෑහීමකට පත්වීමට බැරි බව කී මාන්නප්පෙරුම මහතා වර්තමාන ජනාධිපතිවරයාට දක්ෂ කණ්ඩායමක් නැතැයි කීය. ඒ අනුව ඉදිරි මැතිවරණ වලදී එක්විය යුත්තේ වෛරක්කාරී කණ්ඩායම් සමඟ නොව රට දියුණු කරන කණ්ඩායමක් සමඟ බව ජනතාව තේරුම් ගෙන සිටින්නේ යැයි කී ඒ මහතා රට ඇත්තටම ගොඩගත හැකි හොදම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බව ද කීය.