වැස්සේ අඩුවක්

මේ වන විට පවත්නා වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී කෙමෙන් අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි. අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට මි.මී 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි අතර පසුගිය 10 සහ 11 වෙනිදා මි.මී 200 ඉක්ම වූ වැසි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ බව ද ඔහු පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු එළැඹෙන 16 සහ 17 දිනයන් හී වර්ෂාපතනයේ සැලකිය යුතු මට්ටමේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි නමුත් එළැඹෙන සතිය වන විට අන්තර් මෝසමේ සාමාන්‍ය ලක්ෂණය වන සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්ත්වයක් නිර්මාණය විය හැකි බව කීය.ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පවතින ආපදා තත්ත්වය සහ ආපදා සහන වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි

කාලීන පුවත්