ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වැඩි කණගාටුදායක සිද්ධියක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් සිරිපාල පාර්ශ්වය) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.ඔහු පැවසුවේ අනීතික රැස්වීමක් පවත්වා වාරණයට ලක් වූ පිරිසක් තනතුරුවලට පත් කරගෙන ඇති බවකි.”අපි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නීත්‍යානුකූලව ඉවත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයකු නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයකු පක්ෂයේ සභාපති කරලා. මේක එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළාට වඩා දෙයක්. තවත් විදිහකට කියනවා නම් පක්ෂය සමූල ඝාතනය කිරීමක්”දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ(12) කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.