විදුලි අර්බුදය ඉක්මනින් විසඳන බවට ජනපති සහතික වුණා

මේ වන විට රටේ පවතින විදුලි අර්බුදය හැකිතාක් ඉක්මනින් මග හරවා ගැනිමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. බලශක්ති උත්පාදනය සදහා ඉන්ධන ආනයනයට වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසිමට මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුවට උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා කොමිසමට දැනුම් දුන් බව හෙතෙම සඳහන් කරයි.මේ අතර මෙම මස 5 වන දා සිට විදුලිය කප්පාදු නොකිරීමට ද මේ වන විට රජය තීරණය කොට තිබේ.

කාලීන පුවත්