මහජන උපයෝගිතා කොමිසම අද(28) රැස්වෙයි. ඒ, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහායි.
එහිදි විවිධ පාර්ශවවලින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනාද සැළකිල්ලට ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ ය.
මේ අතර , පවතින විදුලිබිල අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පසුගියදා මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ කළේ ය.
අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ පසුගිය ඔක්තොම්බර් මාසයේ වැඩි කළ විදුලිබිල එම ප්‍රතිශතයෙන්ම අඩු කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කළ බවයි.