විදුලි බිල තාම අඩු කරලා නැතිලු

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20කින් විදුලි ගාස්තු අඩු කරන බවක් ප්‍රකාශ කළද විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් ගනු ලබන්නේ මුදල් අමාත්‍යංශය ලබා දෙන උපදෙස් මත බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු මාධ්‍යයට පවසා තිබේ.මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඔවුන්ගේ නිර්දේශ මුදල් අමාත්‍යංශයට ද යවා ඇති බව වාර්තා වෙයි.නමුත් විදුලි ගාස්තු තීන්දු කිරීමේ බලය පැවරී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට පමණක් බව සඳහන් කරන විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ ජනතාවට ලබා දී ඇති සහනය උදුරා ගැනීමට බලධාරීන් උත්සහ කරන බවකි.

කාලීන පුවත්