නියඟය, ඉන්ධන මිල වැනි සුවිශේෂී තත්වයක් මතු වුවහොත් විදුලි බිලේ සංශෝධනයක් නැවත සිදුවිය හැකි බව විදුලිබල හා බලශකග්ති ඇමැති කංචන විජේසේකර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23 දා) පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.2014 සිට වසර 09 ක් යන තෙක් විදුලි බිලේ සංශෝධනයක් නොකර ඉන් ලැබූ පාඩුව මහා භාණ්ඩාගාරයෙන් පියවීම් කරමින් පැවතියත් ඇති කර ගත් නව ගිවිසුම් අනුව විදුලි බිල හා ඉන්ධන පාඩු නොලබා පවත්වාගෙන යෑමට සිදුව ඇතැයි ද තමන් මිල සංශෝධනය නොකළේ නම් ඊළඟට පත්වන ඇමැතිවරයාට එය කිරීමට වන බව ද ඇමැතිවරයා පැවසීය.විදුලි බිල සංශෝධන කිරීමට වසරකට අවස්ථා දෙකක් ඇතත් සුවිශේෂී අවස්ථාවක විදුලි බිලේ සංශෝධනයක් සිදු කිරීමට විදුලිබල පනත මගින් ඇමැතිවරයාට හැකියාව ඇතැයි ද ඒ මහතා කීය. අඵත් ගිවිසුම අනුව මේ වසර අවසන් වන විට විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 30 ක පාඩුවක් ලැබීමට සිදුවන බවට පුරෝකථනය කර තිබූ බවත් එය පියවාගෙන විදුලිය අඛණ්ඩව ලබාදීම සඳහා පසුගියදා සියයට 18 කින් විදුලි බිල වැඩි කිරීමට සිදුවූ බවත් හෙතෙම කීය. පසුගිය ජුලි මාසයේදී සියයට තුනකින් (3%) විදුලි බිල අඩු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එම කොමිසම සියයට 14 කින් විදුලි බිල අඩු කිරීම නිසා ලැබූ පාඩුව වැඩි වී සියයට 18 කින් මිල ඉහළ දැමීමට සිදුවූ බවත් ඇමැතිවරයා කීය.