2023 ජනවාරි මස සිට පිරිවැය ප්‍රවර්තක විදුලි ගාස්තුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි හැට නව ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කෙරුණු අතර එහි පළමු අදියරේ අත්සන් ලේඛන විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් ඊයේ (09) මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දුන්නේය.
විදුලි බිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුව ද එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේය.