විදුලි බිල වැඩි කරන්නැයි මණ්ඩලයට කියා නෑ

විදුලි ගාස්තු වැඩිවීමේ ක‍්‍රමවේදය සඳහා පසුගිය ජනවාරි පළමු වැනිදා සිට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණ ද එය ලිඛිතව ලංකා විදුලිබල මණ්ඩලය වෙත යොමු කර නොමැති නොමැති බව මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියයි. ඒ මහතා ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ ගෘහස්ථ විදුලි ඒකක බින්දුවේ සිට 30 දක්වා යෝජිත ස්ථාවර ගාස්තු රුපියල් 400 ක් වන අතර ඒකක 30 සිට 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වා ඉහළ යාමට නියමිත ය.

කාලීන පුවත්