විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ‍යන ආයතන කොටස් කිහිපයකට වෙන්කර පවත්වාගෙන යා හැකි අන්දමට ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට රජය උපදෙස් දී තිබෙ. තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට නව අය ක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින් යෝජිත ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය දැනුම් දී ඇත.මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර සිදුකරන ලෙසට රජය උපදෙස් දී තිබුණද අයක්‍රම සකස් කිරීමට ප්‍රමාදවීම නිසා එම ක්‍රියාවලියද ප්‍රමාද විය. යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් දෙස් විදෙස් ආයෝජකයන්ට ද ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව වෙනුවෙන් ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවෙයි.

කාලීන පුවත්