අද(04) දිනයේදීත් පැය 7 හමාරක ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.ලංකා විදුලිබල මණ්ඩලය පවසන අන්දමට අද දිනයේ ද ඊයේ ආකාරයටම පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 05 ක කාලයක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය දෙකහාමාරක කාලයක් කලාප වශයෙන් ලෙස දිවයින පුරා විදුලිය විසන්ධි කෙරේ.විදුලි බල උත්පාදනය සඳහා විදුලි බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතු වී තිබේ.කෙසේ වෙතත් හෙට සිට විදුලි කප්පාදුවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහතුන් ප්‍රකාශ කළ අන්දමට මෙවර විදුලි කප්පාදුව අදින් නිමා වීමට නියමිතය.