විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක්

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන් තොටුපොලින් ඇතුළුවන සියළුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number) ලබාදීමට බහරේනයේ කම්කරු වෙළඳපොල නියාමන අධිකාරිය (LMRA) පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙය මෙම වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි.

විදෙස් ශ්‍රමිකයින්ට මෙම ජාත්‍යන්තර බැංකු ගිණුම් හඳුන්වාදීම මගින් ශ්‍රමිකයා හා සේවා යෝජකයා අතර, ගෙවීම් තහවුරුවක් ලබාගැනීම හා නිවැරදි ගනුදෙනු සිදුකිරීම සහතික කිරීම අපේක්ෂා කරයි.

කාලීන පුවත්